පුෂ්පය



           ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලීය කළමනාකරණ අධ්‍යයන පීඨ ශිෂ්‍ය සංගමය මඟින් සංවිධානය කරන්නාවූ පුෂ්පය තවත් එක් හුදු කලා වැඩසටහනකට වඩා යථාර්තය තුල කලාකාමී ඔබ රැගෙන යාමට දරන්නාවූ දැවැන්ත උත්සහයක් ලෙස හැඳින්විය හැකිය.මෙකී වූ කලා මංගල්‍ය තුල අප පෙරදැරි කරනු ලබන අරමුණු කිහිපයක් ලෙස,


  • අංකුර කලාකරුවන්ට වේදිකාවක් නිර්මාණය කිරීම.


                    එනම් වර්තමාන සමාජය තුල සියල්ල තරු නාමකරණය නම් වෙස් ගෙන තරු පසුපස හඹා යන්නාවූ යුගයක් තුල එම තරු සංකල්පයට අභියෝග කරමින් එකී අර්ථ විරහිත මෙන්ම ශබ්ද රසයට පමණක් මුල් තැන ලබා දෙමින් සමස්ත සමාජයම සිහින තුල සිරකරන්නාවූ ඊනියා කලාවට එරෙහි සමාජ යථාර්තය හෙළි පෙහෙළි කරන්නාවූ කලාකරුවන් සරසවිය නම් බිම් පෙතෙහි එදා මෙන්ම අදද  බොහෝ ගැවසෙයි.එවන් කලා කරුවන්ට වර්තමාන සමාජය තුල වේදිකාවක් අහිමිව තිබෙන මොහොතක එකී වූ වේදිකාවක් යලිදු අපගේ සහෝදර සහෝදරියන් හට නිර්මාණය කර දීම අපගේ එක අරමුණකි.




  • සැඟවුණු දක්ෂතාවයන් ඔප නංවමින් එම නිර්මාණ සමාජයට දායාද කිරීම.


                          වර්තමාන අපගේ අධ්‍යාපන ක්‍රමය තුල සැබෑ දක්ෂයන් සොයනවාට වඩා,ලබා දෙන්නාවූ අධ්‍යාපනය තුල බුද්ධිමතුන් පමණක් අරමුණු කරගන්නා යුගයක එයින් මිදී සැබෑ ලෙස ගීත ගායනයට,ගීත රචනයට,තනු නිර්මාණයට ,චිත්‍රපට විචාරයට,කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණයට,ග්‍රන්ථ රචනයට,විචාරණයට ආදී ඔබ තුල පවතින්නාවූ සහජ දක්ෂතාවයන් සොයායමින් එවන් දක්ෂතා හරහා බිහි වන්නාවූ ඉතා අග්‍ර ගණයේ නිර්මාණ "පුෂ්පය"සඟරාව තුලින් සමාජයට දායාද කිරීමද අපගේ අරමුණකි.


  • පීයේ නිර්මාණ හැකියාවක් සහිත සිසුන්ට අවස්ථාවක් ලබාදීම.


                          එනම් වාණිජ්‍ය නම් විෂය ධාරාව තුල අධ්‍යාපනය ලැබුවද ඔබ තුල බොහෝ කලා හැකියාවන් තිබෙන බව අප සැබවින් දැන හඳුනා ගෙන ඇති අතර එම හැකියාවන් අකාලයේ මිලින වන්නට ඉඩ නොදී එම හැකියාවන් ඔප මට්ටම් කරමින් බාහිර සමාජය තුල ඔබ වෙනුවෙන් නිර්මාණය නොවන්නාවූ වේදිකාව,නිර්මාණය කිරීමද අපගේ අරමුණකි.




  • වර්තමාන සමාජය තුල කලාවට නැවුම් අරුතක් එකතු කිරීම.


                           වර්තමානය තුල බිහිවන්නාවූ බහුතරයක් නිර්මාණයන් කලාව නම් අර්ථයට වත් ලඟා නොවන්නාවූ නිර්මාණ ලෙස හැඳින්විය හැකි අතර එය ලාභය නම් ඉලක්කගත ඉපයුම සමඟ වෙළඳ පොළ අත්පත් කරගනිමින් සිටින මොහොතක කලාව යනු ප්‍රකෘර්තිය  සෞන්දර්යාත්මකව  ප්‍රතිනිර්මාණය කිරීම ලෙස සමාජවාදී ලෝකය තුල අර්ථ නිරුපණය වීමවු කල්හි සරලව සමාජයේ යථාර්තය.කටුකත්වය,නොඑසේ නම් අප ස්පර්ශ කරන්නාවූ මහපොළවේ සැබෑ ස්වරුපය ක ලෙස හෙළි දරවු කල යුතු බව අප විසින් දරන මතයයි.එකී උත්සාහය තුල යථාර්තවාදී කලාවක් උදෙසා සරසවි ප්‍රජාවට මඟ පෙන්වීම "පුෂ්පයේ"තවත් අරමුණකි.



          මෙවන් අරමුණු මුදුන් පමුණුවා ගැනීම වස් "පුෂ්පය"දැවැන්ත වෘක්ෂයන් බවට පත්වනුයේ සහෝදර ඔබ සැමගේ දායකත්වයේ අත්වැලෙනි."පුෂ්පය"අද දිනයේ සිට විශ්ව භාෂාවක් ලෙස විශ්වය අමතන්නාවූ ගීතය නම් රසවුල පදනම් කර ගනිමින් කලාව තුල සමාජයට යම් අර්ථ සම්පන්න නිමවුමක් දායාද කිරීම උදෙසා සරසවි ශිෂ්‍යයා හට පුළුල් දෘෂ්ටි කෝණයකින් සමාජය විවරණය කිරීමේ පළමු පියවර වශයෙන් ගීතය යනු කුමක්ද?එය රස විඳින්නේ කෙසේද?අප නිර්මාණයන් කල යුත්තේ කෙසේද?යන්න පිලිබඳ අවබෝධයක් ලබා දීම 2013/01/30 දින ප.ව 7කනිසමේ සිට "පුෂ්පයට පෙර ගමනක් "ලෙස පැය 2.30 ක් පුරාවට ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේදී දිග හැරුණු වගයි.








කළමනාකරණ අධ්‍යයන  පීඨ  ශිෂ්‍ය සංගමය 
ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය.

2 comments: